Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 1:9 - Sinhala Revised Old Version

9 [අෂූර්වරුනි,] නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කුමක් යෝජනාකරන්නහුද? උන්වහන්සේ මුළුමනින්ම තීන්දුවක් කරනසේක. විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කුමන කුමන්ත්‍රණයක් කරන්නහු ද? උන් වහන්සේ එක පහරකින් ඔබ විනාශ කරන සේක. දෙවරක් උන් වහන්සේට විරුද්ධවන්න කිසිවෙකුට නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කුමන කුමන්ත්‍රණයක් කරන්නහු ද? උන් වහන්සේ එක පහරකින් ඔබ විනාශ කරන සේක. දෙවරක් උන් වහන්සේට විරුද්ධවන්න කිසිවෙකුට නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 1:9
17 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක.


මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව නපුර සිතුවෝය. තමුන්ට ඉෂ්ටකරන්ට බැරිවූ උපායක් යෙදුවෝය.


ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.


අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.


ස්වාමීන්වහන්සේට විරුද්ධව නපුර යෝජනාකරන්නාවූ, දුෂ්ටකම් ගැන මන්ත්‍රණයකරන්නාවූ කෙනෙක් නුඹෙන් නික්ම ආයේය.


එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.


මා විසින් ඒලීගේ වංශය ගැන කී සියල්ලම මුල පටන් අග දක්වා ඒ දවසේදී ඒලීට විරුද්ධව ඉෂ්ටකරන්නෙමි.


නුමුත් අමාසා යෝවාබ් අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේය. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන එක පහරකින්ම ඔහුගේ අතුණු බිම වැගිරෙවුවේය, මෙසේ ඔහු මළේය. යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබිෂයිද බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ ගියෝය.


ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.


මා විසින් ඈ පිටට පමුණුවන විපත්තියෙන් ගොඩනොඑන්නීය. ඔව්හු වෙහෙසවන්නෝයයි කියන්නැයි කීවේය. යෙරෙමියාගේ වචන මෙසේ නිමි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: විපත්තියක්ය, එක්තරා විපත්තියක්ය; බලව, ඒක පැමිණෙයි.


ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කඩුව කොපුවෙන් ඇදගත් බව මාංසමයවූ සියල්ලන් දැනගන්නවා ඇත; නැවත ඒක කොපුවට හැරී නොයන්නේය.


මමම දැනමුතුකම් දී ඔවුන්ගේ හස්තයන් සවිකළ නුමුත්, ඔව්හු මට විරුද්ධව නපුර යෝජනා කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්