Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 7:3 - Sinhala Revised Old Version

3 සිනාසීමට වඩා ශෝකවීම හොඳය. මක්නිසාද මුහුණේ දුඃඛිතකමෙන් ආත්මයට හොඳක් සිදුවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 7:3
21 හුවමාරු යොමු  

මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,


දැන් තෘප්තියට පැමිණ සිටින නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා බඩගිනිවීමට පැමිණෙන්නහුය. දැන් සිනාසෙන්නාවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා ශෝකව අඬන්නහුය.


දැන් බඩගිනි ඇති නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා සිනාසෙන්නහුය.


ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න. නුඹට සමාදානය වේවා, සවිවෙන්න, සවිවෙන්නැයි කීවේය. ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි.


ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති.


මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි.


ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි.


ප්‍රඥාවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදරද අඥානයන්ගේ සිත ප්‍රීතිවීමේ ගෙදරද තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්