Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 2:15 - Sinhala Revised Old Version

15 එකල: අඥානයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥාවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මේකත් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එකල, “අනුවණයාට සිදු වූ දේ ම මටත් සිදු වන්නේ ය; ඉතින් මාගේ නුවණින් කුමන වැඩක් සිදු වී දැ”යි මම කල්පනා කෙළෙමි. එවිට, “මාගේ ප්‍රඥාවත් නිස්සාර දෙයකැ”යි මට පෙනිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එකල, “අනුවණයාට සිදු වූ දේ ම මටත් සිදු වන්නේ ය; ඉතින් මාගේ නුවණින් කුමන වැඩක් සිදු වී දැ”යි මම කල්පනා කෙළෙමි. එවිට, “මාගේ ප්‍රඥාවත් නිස්සාර දෙයකැ”යි මට පෙනිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 2:15
9 හුවමාරු යොමු  

මක්නිසාද අඥානයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද? ජීවත්වෙන්නන් ඉදිරියෙහි හැසිරෙන්ට දන්න දුප්පතාටත් ඇති වාසිය කුමක්ද?


ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි; ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.


මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි!


මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය.


මම මාගේ සිත සමඟ කථාකොට: මට පළමුවෙන් යෙරුසලමෙහි සිටි සියල්ලන්ට වඩා මහත් ප්‍රඥාව ලබාගතිමි. එසේය, මාගේ සිතට ප්‍රඥාවත් දැනගැන්මත් ගැන බොහෝ අත්දැකීම ලැබුණේයයි කීමි.


නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය.


මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි.


මක්නිසාද නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්