Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 1:16 - Sinhala Revised Old Version

16 මම මාගේ සිත සමඟ කථාකොට: මට පළමුවෙන් යෙරුසලමෙහි සිටි සියල්ලන්ට වඩා මහත් ප්‍රඥාව ලබාගතිමි. එසේය, මාගේ සිතට ප්‍රඥාවත් දැනගැන්මත් ගැන බොහෝ අත්දැකීම ලැබුණේයයි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “මට පළමු ව ජෙරුසලමෙහි රජ කළ සියල්ලන්ට වඩා ගාම්භීර ප්‍රඥාව මට ඇත. එසේ ය, ප්‍රඥාව හා අවබෝධය හොඳට හුරු පුරුදු යැ”යි මම මට ම කියාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “මට පළමු ව ජෙරුසලමෙහි රජ කළ සියල්ලන්ට වඩා ගාම්භීර ප්‍රඥාව මට ඇත. එසේ ය, ප්‍රඥාව හා අවබෝධය හොඳට හුරු පුරුදු යැ”යි මම මට ම කියාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 1:16
20 හුවමාරු යොමු  

මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවීමි. මාගේ ප්‍රඥාවත් මා තුළ පැවතුණේය.


සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය.


එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ.


නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.


භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී තොපගේම සිතින් විමසා නිශ්චලවව්.


තවද හූරාම් කියනුයේ: අහසත් පොළොවත් මැවුවාවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද ස්වාමීන්වහන්සේට ගෘහයක්ද තමාගේ රාජ්‍යයට ගෘහයක්ද ගොඩනැගීමට සිහිකල්පනාවෙන් හා නුවණින් යුක්තවූ ප්‍රඥාවන්ත පුත්‍රයෙකු උන්වහන්සේ දාවිත් රජුට දුන්සේක.


තවද රජ කථාකොට: මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි කීවේය.


මම මහත් ගෙයක්ද විශාලවූ උඩුමහල්ද ගොඩනගන්නෙමියි කියමින් කවුළු කපාගන්නාවූ, කිහිරි ලීවලින් වසා සාදිලිංගම් ගාන්නාවූ අයට දුක්වේ.


රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය.


එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.


මාගේ වැඩකාරයෝ ලෙබනොන්හි සිට මුහුද ළඟට ඒවා ගෙනෙන්නෝය. මම ඒවා පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි, තවද ඔබ විසින් බාරගන්න පිණිස ඒවා එහිදී ලිහන්ට සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ටකරන්නෙහියයි කියා එවුවේය.


මම කථාකොට: ඉතින් එන්න, ප්‍රීතිය කරණකොටගෙන නුඹ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය.


එකල: අඥානයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥාවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මේකත් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි.


එවිට මම: දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත් දුෂ්ටයාත් විනිශ්චයකරනවා ඇත; මක්නිසාද සියලු කාරණාවලටත් සියලු වැඩවලටත් කාලයක් පැමිණේයයි මාගේ සිතින් සිතාගත්තෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්