Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:22 - Sinhala Revised Old Version

22 ඔහු මට උගන්වා මා සමඟ කථාකොට: එම්බා දානියෙල්, තේරුම්ගැනීමේ දක්ෂකම නුඹට දෙන්ට දැන් පිටත්ව ආවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඔහු පැහැදිලි ලෙස මට කතා කොට මෙසේ කී ය: “එම්බා දානියෙල්, මා පිටතට ආවේ, නුඹට තේරුම්ගැනීමේ තියුණු නුවණ දෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:22
12 හුවමාරු යොමු  

එහෙත් සැබෑකමේ ලියවිල්ලෙහි ලියා තිබෙන දේ නුඹට දන්වන්නෙමි. ඔවුන්ට විරුද්ධව නුඹලාගේ අධිපතියාවූ මීකායෙල් මිස මට උපකාරකරන වෙන කිසිවෙක් නැත්තේය.


තවද: ගාබ්‍රියෙල්, මොහුට දර්ශනය තේරුම්කරදෙන්නැයි කියා මොරගසන මනුෂ්‍ය හඬක් ඌලයි ගගේ ඉවුරු අතරෙන් මට ඇසුණේය.


එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.


ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය.


මා සමග කථාකළ දූතයාද: නුඹ මොරගසා මෙසේ කියන්න–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් ජ්වලිතව සිටිමි.


එහි සිටි තැනැත්තන්ගෙන් එක්කෙනෙකු ළඟට මම ළංවී, ඒ සියල්ලේ අර්ථය මට කියන මෙන් ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු මට කථාකොට, කාරණාවල තේරුම මට දැන්නුවේය.


මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.


සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.


ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යයාවූ දානියෙල්, මා විසින් නුඹට කියන වචන කල්පනාකර, නැගිට කෙළින් සිටින්න; මක්නිසාද මම දැන් නුඹ ළඟට එවනලද්දෙමියි කීවේය. ඔහු ඒ වචනය මට කී විට මම වෙවුලමින් සිටියෙමි.


ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්