Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 7:16 - Sinhala Revised Old Version

16 එහි සිටි තැනැත්තන්ගෙන් එක්කෙනෙකු ළඟට මම ළංවී, ඒ සියල්ලේ අර්ථය මට කියන මෙන් ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු මට කථාකොට, කාරණාවල තේරුම මට දැන්නුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 7:16
14 හුවමාරු යොමු  

එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.


එවිට මා සමග කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට:


ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


ඔහු මට උගන්වා මා සමඟ කථාකොට: එම්බා දානියෙල්, තේරුම්ගැනීමේ දක්ෂකම නුඹට දෙන්ට දැන් පිටත්ව ආවෙමි.


ඒ මහා මෘගයන් සතරදෙනා නම් රජවරු සතර දෙනෙක්ය, ඔව්හු පොළොවෙන් නැගිට එන්නෝය.


ඔහු මා සිටි තැනටම ආවේය; ඔහු ආවිට මම භයපත්වී මුහුණින් වැටුණෙමි. නුමුත් ඔහු: මනුෂ්‍ය පුත්‍රය, කල්පනා කරන්න; මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටයයි මට කීවේය.


එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්