Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 6:23 - Sinhala Revised Old Version

23 එකල රජ ඉතා සන්තෝෂවී, දානියෙල් ගුහාවෙන් ගොඩගන්ට අණකෙළේය. එසේ දානියෙල් ගුහාවෙන් ගොඩගන්නාලද්දේය, කිසි අනතුරක්ද ඔහුට සිද්ධ නොවී තිබුණේය, මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට රජතුමා ඉතා සන්තෝෂ වී, දානියෙල් ගුහාවෙන් ගොඩට ගන්නට අණ කෙළේ ය. එසේ දානියෙල් ගුහාවෙන් ගොඩගන්නා ලදී. ඔහුට සුළු තුවාළයක් වත් සිදු වී තිබුණේ නැත. එසේ වන්නට හේතුව ඔහු තමාගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 6:23
18 හුවමාරු යොමු  

ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.


ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.


එකල රජ තමාගේ මාළිගාවට ගොස්, නිරාහාරයෙන් රාත්‍රිය පසුකෙළේය. තූර්යභාණ්ඩ ඔහු ඉදිරියට නොගෙනාවෝය. ඔහුගේ නින්දත් ඔහුගෙන් පහවගියේය.


ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.


ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.


ස්වාමීන්වහන්සේ ඔවුන්ට පිහිටව, ඔවුන් මුදනසේක. ඔවුන් උන්වහන්සේ සරණගත් නිසා, උන්වහන්සේ ඔවුන් දුෂ්ටයන්ගෙන් මුදා ගළවනසේක.


ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.


ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙවුවෝය,


රජ මේ වචන ඇසූ කල ඉතා අමනාපවී, දානියෙල් ගළවන්ට තමාගේ සිත ඔහු කෙරෙහි තබා, ඔහු නිදහස්කරන්ට ඉර බසින තුරු උත්සාහකෙළේය.


හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරවරුන් අතින් ගළවාගෙන ඔවුන්ට කළාවූ සියලු යහපත්කම් ගැන යෙත්‍රෝ ප්‍රීතිවිය.


ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.


මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්