Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 5:17 - Sinhala Revised Old Version

17 එවිට දානියෙල් රජු ඉදිරියෙහි උත්තරදෙමින් කියනුයේ: ඔබගේ දීමනා ඔබටම වේවා, ඔබගේ තෑගිද වෙන කෙනෙකුට දෙනු ලැබේවා; එහෙත් මම ලියවිල්ල රජ්ජුරුවන්ට කියවාදී, අර්ථය ඔබට පෙන්වමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට දානියෙල්, රජු ඉදිරියේ මෙසේ කී ය: “ඔබේ දීමනා ඔබ ම තබාගනු මැනවි. ඔබේ තෑගි අන් කෙනෙකුට දෙනු මැනවි. කෙසේ වෙතත් මෙම ලියවිල්ල කියවා එය රජ්ජුරුවන්ට පහදා දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 5:17
8 හුවමාරු යොමු  

ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය.


නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි;


නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා.


එකල බේල්ෂශර්ගේ ආඥාව පිට දානියෙල්ට රත්නිල් වස්ත්‍රයක් හඳවා, ඔහුගේ බෙල්ලේ රන් මාලයක් දමා, ඔහු රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාය කියා ඔහු ගැන ප්‍රසිද්ධියක් කරනලද්දේය.


එහෙත් ස්වප්නයද එහි අර්ථයද නුඹලා පෙන්වාදෙන්නහු නම්, නුඹලාට තෑගි හා විපාකද බොහෝ ගෞරවයද මාගෙන් ලැබෙනවා ඇත. එබැවින් ස්වප්නයද එහි අර්ථයද මට පෙන්වන්නැයි කීවේය.


රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.


එලිෂා: ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස නුඹ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මේක මුදල් පිළිගන්ටත් ඇඳුම්ද ඔලීවවතුද මිදිවතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්ටත් වේලාවක්ද?


එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්