Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 3:26 - Sinhala Revised Old Version

26 එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එසේ කියා ඔහු ඇවිලෙන ගිනි උදුනේ දොරකඩට ළං වී, “මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයන් වන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ පිටතට එන්න, මෙහි එන්නැ”යි කී ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගින්න මැද සිට පිටතට ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 3:26
22 හුවමාරු යොමු  

ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.


මහෝත්තම දෙවියන්වහන්සේ මා උදෙසා කළ ලකුණු සහ ආශ්චර්යයන් දන්වන්ට ප්‍රසන්නව සිටිමි.


තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය.


ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.


ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය.


රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.


මක්නිසාද නුඹලා ඉක්මනින් පිටතට යන්නේවත් නුඹලා පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙරටුව යනසේක; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ නුඹලාට පස්සෙන් එනසේක.


මෝසෙස් විසින් යෝෂුවාට අණකළ සියල්ල ලෙස සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ සියලු දෙය කෙළවර වන තෙක් ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයෝ යොර්දාන මැද නැවතී සිටියෝය. සෙනඟද ඉක්මන් කර මෙතරට ආවෝය.


ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.


නුමුත් පාවුල් ඔවුන්ට කථාකොට: ඔව්හු රෝමයන්වූ අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධයෙන් අපට තළා, හිරගෙයි දැමුවෝය; දැන් ඔවුන් රහසින් අප අරිනවාද? එසේ නොව, ඔව්හුම ඇවිත් අප පිටතට ගෙනයත්වයි ඔවුන්ට කීවේය.


ඔහු ගුහාවට ළංවෙන කොටම, ශෝක හඬකින් දානියෙල්ට මොරගැසුවේය. රජතෙමේ දානියෙල්ට කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ දානියෙල්, නුඹ නොකඩවම සේවයකරන නුඹේ දෙවියන්වහන්සේට සිංහයන්ගෙන් නුඹ ගළවන්ට පුළුවන්වීදැයි ඇසුවේය.


ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.


ඔව්හු උත්තරදෙමින්: අපි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට ප්‍රථම ගොඩනගනලද්දාවූ, ඉශ්‍රායෙල්හි මහත් රජෙකු විසින් ගොඩනගා නිමකරනලද්දාවූ ගෘහය අපි නැවත ගොඩනගමුව.


සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.


කුමක්හෙයින්ද මා අයිතිවූ, මා සේවයකරන්නාවූ දෙවියන්වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට:


එහෙත් අද තිබෙන්නාක්මෙන් නුඹලා තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ නුඹලා රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක.


මක්නිසාද ඔව්හු ඔබ විසින් මිසරයෙන් එනම් යකඩ උදුනෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්ය.


එය වනාහි මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනා කල ඔවුන්ට කථාකොට: අද තිබෙන ප්‍රකාරයට කිරිද මීපැණිද ගලායන්නාවූ දේශයක් නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මා ඔවුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන පිණිස, නුඹලා මාගේ හඬට කීකරුවී, මා නුඹලාට අණකරන්නාවූ සියල්ල ලෙස කරන්න;


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.


ඔබ මනුෂ්‍යයන් අපේ හිසට උඩින් යැවූසේක; ගිනි මැදින් හා ජල මැදින්ද ගියෙමුව; නුමුත් ඔබ අප එයින් සාරවත් තැනකට පැමිණවූසේක.


එවිට දානියෙල් රජුට කථාකොට: රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්