Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 3:22 - Sinhala Revised Old Version

22 එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 රජ්ජුරුවන්ගේ නියමය වහා ඉටු කළ යුතු ව තිබුණු බැවින් ද ගිනි උදුන ඉතා රත් ව තිබුණු බැවින් ද ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ගෙන ගිය අය පිටතට විහිදී ආ ගිනි දලුවලින් දැවී මළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 3:22
10 හුවමාරු යොමු  

දුෂ්ටයා ධර්මිෂ්ඨයා උදෙසා මිදීමේ මිලයක්ය; අවංක අය වෙනුවට ද්‍රෝහියා පැමිණෙයි.


ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි.


මිසරවරු: අපි සියල්ලෝම මළ තැනැත්තෝ වමුව කියා සෙනඟ දේශයෙන් ඉක්මනින් යවන පිණිස ඔවුන්ට බලකළෝය.


හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය.


එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි දමා ගියේය; ඔහු අහක්ව ගොස් එල්ලී මැරුණේය.


එවිට දානියෙල් කෙරෙහි වරද තැබූ ඒ මනුෂ්‍යයන් රජුගේ ආඥාව පිට ගෙනවුත්, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාර්යාවන්ද සිංහ ගුහාවේ දැමුවෝය; ඔවුන් ගුහාවේ අඩියට පැමිණෙන්ටත් පළමුවෙන් සිංහයෝ ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන්ගේ ඇට සියල්ල කැබලි කළෝය.


ඔහු රජුගේ ඇමතියාවූ අරියොක්ට කථාකොට: මෙතරම් තද නියෝගයක් රජු වෙතින් පැමුණුණේ මක්නිසාදැයි ඇසුවේය. එකල අරියොක් ඒ කාරණය දානියෙල්ට දැන්විය.


නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.


එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් කොටළුවාද සිංහයාද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බවිය. සිංහයා මළකඳ කාලා තිබුණේවත් කොටළුවා ඉරාදමා තිබුණේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්