Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:6 - Sinhala Revised Old Version

6 එහෙත් ස්වප්නයද එහි අර්ථයද නුඹලා පෙන්වාදෙන්නහු නම්, නුඹලාට තෑගි හා විපාකද බොහෝ ගෞරවයද මාගෙන් ලැබෙනවා ඇත. එබැවින් ස්වප්නයද එහි අර්ථයද මට පෙන්වන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එහෙත්, ස්වප්නය ද එහි තේරුම ද ඔබ මට පෙන්වා දුන්නොත්, ඔබට තෑගිබෝග ද ගරු-නම්බු ද ලැබෙනු ඇත. ඒ නිසා ස්වප්නය ද එහි තේරුම ද මට පෙන්වන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:6
8 හුවමාරු යොමු  

එවිට රජ අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගෙන එන ලෙස මොරගසාකීය. රජතෙමේ බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට කථාකොට: මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක්ද දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේයයි කීවේය.


එකල රජ දානියෙල් උතුම්කොට, මහත්වූ බොහෝ තෑගි ඔහුට දී, ඔහු මුළු බබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද කෙළේය.


එකල බේල්ෂශර්ගේ ආඥාව පිට දානියෙල්ට රත්නිල් වස්ත්‍රයක් හඳවා, ඔහුගේ බෙල්ලේ රන් මාලයක් දමා, ඔහු රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාය කියා ඔහු ගැන ප්‍රසිද්ධියක් කරනලද්දේය.


එබැවින් නුඹේ ස්ථානයට දුවන්න. මම නුඹ මහත් ගෞරවයට පමුණුවන්ට සිතීමි; එහෙත් ස්වාමීන්වහන්සේ ගෞරවයට පැමිණීමෙන් නුඹ වැලැක්වූසේකැයි බාලාම්ට කීවේය.


ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් නුඹට එන්ට කියා නෑරියෙම්ද? නුඹ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් නුඹ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය.


මක්නිසාද මම නුඹ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, නුඹ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස නුඹෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය.


මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්