Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:34 - Sinhala Revised Old Version

34 අතින් නොකැපූ ගලක් ගැළවී ඇවිත් රූපයේ යකඩ සහ මැටිවූ පාදවලට ගසා ඒ පොඩිකරන තුරු, ඔබ බලාසිටියෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඔබ බලා සිටිය දී මිනිස් අතින් නොකපන ලද ගලක් කන්දෙන් ගැලවී අවුත් රූපයේ යකඩ සහ මැටි පාදවල වැදී ඒවා පොඩි කරදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:34
25 හුවමාරු යොමු  

ඔහු තමාගේ නුවණින් තමාගේ අතේ උපාය සඵලකරගන්නේය; ඔහු තමාගේ සිතින් උසස්වී, බොහෝදෙනෙක් නොදැනුවත්ව සිටිද්දී ඔවුන් නැතිකරන්නේය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධවද නැගිටිනවා ඇත; නුමුත් අතක බලය නැතුව ඔහු කඩාදමනු ලබන්නේය.


ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.


මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.


කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.


එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්වන සෙනඟට දෙනවා ඇත. උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, සියලුම ආණ්ඩුද උන්වහන්සේට සේවයකර කීකරුවෙනවා ඇතැයි කීවේය.


ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.


එබැවින් අදහන්නාවූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නුමුත් නොඅදහන්නන්ට, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනලද්දේය.


මම ඔබට කියමි: නුඹ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය.


ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය.


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.


උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය.


ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.


ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය;


ඒකේ කෙණ්ඩා යකඩව, ඒකේ පාදවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණේය.


නුඹත් අචර්මඡේදිතයන් අතරෙහි පොඩිවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉන්නෙහිය.


ඔහු තව දහසක් මැන්නේය; එවිට ඒවා මට බැසයන්ට බැරි ගඟක්ව තිබුණේය. මක්නිසාද බැසයන්ට බැරි ගඟක්ව පීනන්ට උවමනා තරමට වතුර උස්වී තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්