Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:26 - Sinhala Revised Old Version

26 එසේය, ඔහුගේ භෝජනයෙන් කන අය ඔහු නැතිකරන්නෝය, ඔහුගේ යුද්ධ සේනාව විසිරයනවා ඇත. බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටෙනවාද ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔහුගේ භෝජනයෙන් වළඳන අය ම ඔහුගේ වැටීමට හේතු වන්නෝ ය. ඔහුගේ සේනාව විසුරුවනු ලැබ බොහෝ දෙනෙකු මරණයට පත් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:26
11 හුවමාරු යොමු  

නුමුත් ඔහුගේ පුත්‍රයන් යුද්ධකරනවා ඇත, ඔවුන් මහත් සේනාවල් රාශියක් රැස්කරනවා ඇත. ඔහු ඉදිරියටම ඇවිත්, ජලය මෙන් ගලා යටකරගන්ටද හැරී ඇවිත්, ඒ අයගේ බලකොටුව දක්වාත් යුද්ධකරනවා ඇත.


මා කථාකරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.


උන්වහන්සේද: දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ මා සමඟ තළියේ අත ලන තැනැත්තේය.


උන්වහන්සේ උත්තරදෙමින්: මා සමඟ තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය.


තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.


ජලගැල්මක් සමාන සේනාවෝ ගිවිසුමක් කරගත් අධිපතියාත් ඇතුව ඔහු ඉදිරියෙන් දියපහරකින් මෙන් බිඳීයන්නෝය.


එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය.


ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට එලිෂා නුඹට කීවේ කුමක්දැයි හෙතෙම ඔහුගෙන් ඇසුවේය. සැබවින් ඔබට සුවවෙනවා ඇතැයි මට කීයේයයි ඔහු කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්