Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 1:12 - Sinhala Revised Old Version

12 නුඹේ මෙහෙකරුවන් දස දවසක් පරීක්ෂාකර බලන ලෙස ඉල්ලමි; කන්ට එලවලුද බොන්ට වතුරද අපට ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “ඔබේ මෙහෙකරුවන් වන අපට කෑමට එළවළු ද බීමට වතුර ද දී දස දිනක් ඇතුළත දී කුමක් වන්නේ දැ යි සෝදිසි කර බලන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 1:12
7 හුවමාරු යොමු  

සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය.


එවිට ගබඩාකාරයා ඔවුන්ගේ නියම භෝජනයද ඔවුන්ට බොන්ට තිබුණු මුද්‍රිකපානයද අහක්කර, එලවලු ඔවුන්ට දුන්නේය.


උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක.


නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.


එකල දානියෙල්ද හනනියාද මීෂායෙල්ද අසරියාද කෙරෙහි නපුංසකයන්ගේ අධිපතියා විසින් පත්කළ ගබඩාකාරයාට දානියෙල් කථාකොට:


පසුව අපේ පෙනීමද රජුගේ භෝජන කන්නාවූ යෞවනයන්ගේ පෙනීමද නුඹ බලා, නුඹට පෙනෙන හැටියට නුඹේ මෙහෙකරුවන්ට කළ මැනවියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්