Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 7:12 - Sinhala Revised Old Version

12 තවද නුඹලා මේ විනිශ්චයන් අසා ඒවා පවත්වා ඉෂ්ටකරන බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දිවුළ ගිවිසුම හා කරුණාව නුඹ සමඟ පවත්වා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “ඔබ මේ නියෝගයන්ට සවන් දී, ඒවා ආරක්ෂා කොට, පිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “ඔබ මේ නියෝගයන්ට සවන් දී, ඒවා ආරක්ෂා කොට, පිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 7:12
19 හුවමාරු යොමු  

එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,


පුරාණයේ දවස්වල පටන් ඔබවහන්සේ අපේ පියවරුන්ට දිවුළාවූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ටකරනසේක.


සදාකල්ම ස්වකීය කරුණාව සිහිකරන අදහසින්, තමන් මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට පිහිටවූසේකැයි කීවාය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


එබැවින් පවත්වන්ට මා විසින් අද නුඹට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්න. ‍


ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්,


ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහුය; මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමියි කියා මා අණකර දුන් ගිවිසුමයයි ඔවුන්ට කියන්නැයි කීසේක. එවිට මම උත්තරදෙමින්: ස්වාමීන්වහන්ස, ආමෙන්යයි කීවෙමි.


බලව, මම දේශය නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.


මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඉහළ ස්වර්ගයෙහිවත් පහත පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වන සේක.


අහෝ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකරමින් ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයානකවූ දෙවියන්වහන්ස,


ඉතින් අපේ දෙවියන්වහන්ස, මහත්වූ, බලවන්තවූ, භයානකවූ, ගිවිසුමද කරුණාවද පවත්වන්නාවූ දෙවියන්වහන්ස, අෂූර්හි රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පූජකයන්ටත් අපේ ප්‍රොපේතවරුන්ටත් අපේ පියවරුන්ටත් ඔබගේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළුව නොපෙනේවා.


එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ටකිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය.


මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්