Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:46 - Sinhala Revised Old Version

46 මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ආ කල සීහොන් රජුට පහරදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හශේබොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හෙශ්බොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:46
14 හුවමාරු යොමු  

මෙසේ අපි බෙත්-පෙයෝර් ඉදිරිපිට මිටියාවතේ නැවතී සිටියෙමුව.


අර්ණොන් ඔයබඩ තිබෙන අරෝයෙර් පටන් හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා යොර්දානෙන් එගොඩ


එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු.


මක්නිසාද යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර පැත්තෙහි අපේ උරුමය අපට ලැබී තිබෙද්දී අපි ඔවුන් සමඟ යොර්දානෙන් එගොඩත් එයින් එහාත් උරුමය නොගන්නෙමුයයි කීවෝය.


යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආ කල මෝසෙස් යොර්දානෙන් එගොඩදී හෙෂ්බොන්හි වාසයකළාවූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ දේශයෙහි බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේදී ඔවුන්ට කියාදුන් ශික්ෂාද පනත්ද විනිශ්චයවල්ද මේවාය.


උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත්කළසේක; නුමුත් කිසි මනුෂ්‍යයෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනියි.


එසේ ඔව්හු ඔහුගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන තුරු ඔහුට හා ඔහුගේ පුත්‍රයන්ටද ඔහුගේ සියලු සෙනඟටද පහරදී ඔහුගේ දේශය හිමිකර ගත්තෝය.


නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.


මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි, උන් අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් එළෙවුවෝය; ඒක වුණේ නුඹේ කඩුවෙන්වත් නුඹේ දුන්නෙන්වත් නොවේ.


තවද ඔබ රාජ්‍යයන්ද ජනයන්ද ඔවුන්ටදී, ඔවුන් පළාත්වලට බෙදා නියමකළසේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශය එනම් හෙෂ්බොන්හි රජුගේ දේශයත් බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයත් හිමිකරගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්