Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:38 - Sinhala Revised Old Version

38 අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන්ගේ දේශය නුඹට උරුමයක් කොට දෙන පිණිස තෙමේම ප්‍රකාශවී, ස්වකීය මහත් බලය කරණකොටගෙන නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබ ගෙනැවිත් ඔබට උරුම කොට, ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන්, ඔබට පෙරටුවෙන් පන්නාදැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබ ගෙනැවිත් ඔබට උරුම කොට, ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන්, ඔබට පෙරටුවෙන් පන්නාදැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:38
14 හුවමාරු යොමු  

නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,


ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නාදමනවා ඇත, නුඹලාද නුඹලාට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: බලව, සීහොන්ද ඔහුගේ දේශයද නුඹට පාවා දෙන්ට පටන්ගතිමි. ඔහුගේ දේශය හිමි කරගන්නා පිණිස එය අල්ලාගන්ට පටන් ගන්නැයි කීසේක.


යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුඹලා ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් නුඹලා මෙයින් දැනගන්නහුය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.


අතාරොත්ද දීබොන්ද යාසේර්ද නිම්රාද හෙෂ්බොන්ද එලෙයාලේද සෙබාම්ද නෙබෝද බෙයොන්ද සිව්පාවුන්ට සෑහෙන දේශයක්ය, නුඹේ මෙහෙකරුවන්ට සිව්පාවෝ සිටිති.


මක්නිසාද තමුන්ගේ පිය පෙළපත් ලෙස රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද තමුන්ගේ උරුමය ලැබීතිබේ.


එසේ ඒ ගෝත්‍ර දෙකටද අර්ධ ගෝත්‍රයටද යොර්දානෙන් මෙගොඩ යෙරිකෝව ළඟ නැගෙනහිර දිශාවෙහි තමුන්ගේ උරුමය ලැබීතිබේයයි කීවේය.


ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරිපිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නාදමා, ඔබගේ මිත්‍රවූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදාකාලයටම නුදුන්සේක්ද?


එහෙත් ඔබ අපට හිමිකරදුන් ඔබගේ උරුමයෙන් අප පන්නාදමන්ට ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුවමැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්