Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:16 - Sinhala Revised Old Version

16 භූමිය සහ එහි පූර්ණකමේ අනර්ඝ දේවලින්ද ස්වාමීන්වහන්සේ ඔහුගේ දේශයට ආශීර්වාද කරන සේක්වා; පඳුරෙහි විසූ තැනන්වහන්සේගේ කරුණාවද යෝසෙප්ගේ හිස පිටටත්, තමාගේ සහෝදරයන් අතරෙහි ශ්‍රේෂ්ඨව සිටි තැනැත්තාගේ හිස් මුදුන පිටටත් පැමිණේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ගොඩ මඩ සරුසාර අස්වැන්න ද පඳුරේ සිට කතා කළ තැනැන් වහන්සේගේ ප්‍රසාදය ද යන සියලු ආසිරි ජෝසෙප්ගේ පෙළපත පිට පහළ වේ වා! සිය සොහොයුරන් අතර රජ කුමරු ඔහුගේ පරපුර පිට පහළ වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ගොඩ මඩ සරුසාර අස්වැන්න ද පඳුරේ සිට කතා කළ තැනැන් වහන්සේගේ ප්‍රසාදය ද යන සියලු ආසිරි ජෝසෙප්ගේ පෙළපත පිට පහළ වේ වා! සිය සොහොයුරන් අතර රජ කුමරු ඔහුගේ පරපුර පිට පහළ වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:16
22 හුවමාරු යොමු  

නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක් කොට පත්කරනලද්දේ කවරෙකු විසින්ද කියා ඔවුන් එපාකළාවූ මෙම මෝසෙස් ප්‍රධානියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස, දෙවියන්වහන්සේ පඳුරේදී ඔහුට පෙනුණු දූතයාගේ හස්තය ඇතුව යැවූසේක.


පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය.


තවද මළවුන් නැගිටින බව ගැන නම්, දෙවියන්වහන්සේ කථාකොට: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි මෝසෙස්ට කී බව ඔහුගේ පොතේ පඳුර ගැන සඳහන්වූ තැන නුඹලා කියෙවුවේ නැද්ද?


දාන්හි සිට ඔහුගේ අශ්වයන්ගේ හුංකාරය ඇසෙයි. ඔහුගේ බලවතුන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුලයි; මක්නිසාද ඔව්හු ඇවිත් දේශය සහ එහි තිබෙන සියල්ලද නුවර සහ එහි වැසියන්ද නාස්ති කළෝය.


ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය. ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක.


මට බඩගිනි වීනම්, නුඹට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය.


නුඹේ පියාගේ ආශීර්වාද මාගේ පියවරුන්ගේ ආශීර්වාදවලට වඩා අධිකවී සදාකාල කඳුවල ඉතා දුර සීමාව දක්වා ගියේය. ඒවා යෝසෙප්ගේ හිස පිටත් තමන් සහෝදරයන්ගෙන් වෙන්ව සිටි තැනැත්තාගේ හිස්මුදුන පිටත් වන්නේය.


ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.


මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.


මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


නුමුත්: මේක දේවතා පිදවිල්ලක්යයි යමෙක් නුඹලාට කීවොත්, දැන්වූ තැනැත්තා නිසාත් හෘදයසාක්ෂිය නිසාත් නොකා සිටින්න.


නොඅදහන්නන්ගෙන් යමෙක් නුඹලා කෑමට කැඳෙවු කල නුඹලා යන්ට කැමති නම්,


ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.


එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය.


ඒ ස්ත්‍රී ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහු ශෝභමාන දරුවෙකු බව දැක තුන් මසක් ඔහු සඟවා ගත්තාය.


තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ නම්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්