Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 31:20 - Sinhala Revised Old Version

20 මක්නිසාද මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල්හි, ඔවුන් කා තෘප්තියට පැමිණ තරවූ කල්හි, ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට සේවයකරමින්, මා එපාකර මාගේ ගිවිසුම කඩකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයට ඔවුන් ගෙනා පසු, ඔවුන් කා බී, තෘප්තිමත් වී, තර වූ පසු, ඔව්හු අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, ඔවුන්ට වැඳ පුදා, මා කුපිත කොට මාගේ ගිවිසුම් කඩ කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයට ඔවුන් ගෙනා පසු, ඔවුන් කා බී, තෘප්තිමත් වී, තර වූ පසු, ඔව්හු අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, ඔවුන්ට වැඳ පුදා, මා කුපිත කොට මාගේ ගිවිසුම් කඩ කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 31:20
26 හුවමාරු යොමු  

ඔවුන්ගේ ගොදුරු-බිම් ප්‍රකාරයට ඔව්හු තෘප්තියට පැමිණුනෝය; තෘප්තියට පැමිණි විට ඔවුන්ගේ සිත උඩඟුවිය. එබැවින් ඔව්හු මා මතකනැතිකළෝය.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ කියනසේක: බලව, මමම තර සිව්පාවුන් සහ කෙට්ටු සිව්පාවුන් අතරේ විනිශ්චයකරන්නෙමි.


මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි.


ඔව්හු තරවී දිලිහෙති. එසේය, ඔව්හු අධික ලෙස දුෂ්ටකම් කරති. සඵලවන පිණිස යුක්තිය එනම් පියා නැත්තාගේ කාරණය ඔව්හු නොඅසති; දිළිඳුන්ගේ යුක්තියත් විනිශ්චය නොකරති.


මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, නුඹලා ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්,


ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය; නුමුත් මම ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.


ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත.


ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟුලෙස කථාකරති.


ඔවුන් තමුන්ගේ රාජ්‍යයේදීද ඔබ ඔවුන්ට දුන් මහත් යහපත්කමින්ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේදීද ඔබට සේවයකළේවත්, තමුන්ගේ නපුරු ක්‍රියාවලින් අහක්වුණේවත් නැත.


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය;


නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,


මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.


තවද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂිදෙමි.


නුඹලාගේ සිත් රැවටී, නුඹලා අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න.


එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; නුඹලාද ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත.


මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.


මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.


එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.


ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්