Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 3:3 - Sinhala Revised Old Version

3 එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “මෙලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේ බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ සියලු සෙනඟ ද අපේ බලයට පාවා දුන් සේක. අපි ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහර දුනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “මෙලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේ බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ සියලු සෙනඟ ද අපේ බලයට පාවා දුන් සේක. අපි ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහර දුනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:3
9 හුවමාරු යොමු  

එසේ ඔව්හු ඔහුගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන තුරු ඔහුට හා ඔහුගේ පුත්‍රයන්ටද ඔහුගේ සියලු සෙනඟටද පහරදී ඔහුගේ දේශය හිමිකර ගත්තෝය.


ඔවුන්ගේ පළාත නම් මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජවූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන යායිර්ගේ සියලු නිවාස වන නුවරවල් හැටකුත්ය.


ඕග් රජුගේ මුළු රාජ්‍යය වන සලෙකා දක්වා තිබෙන මුළු බාෂාන්ද යන මේවාය. (ඔහු රෙපායිම් යෝධයන්ගෙන් ඉතුරුව සිටිය කෙනෙකි.) මෝසෙස් ඔවුන්ට පහරදී ඔවුන් පන්නා දැමුවේය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට භයනොවන්න. මක්නිසාද මම ඔහු සහ ඔහුගේ මුළු සෙනඟද ඔහුගේ දේශයද නුඹ අතට පාවා දුනිමි; හෙෂ්බොන්හි වාසයකළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් ඔහුටත් කරන්නැයි කීසේක.


එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගතිමු; ඔවුන්ගෙන් අල්ලා නොගත් එක නුවරක්වත් නොවීය; එනම් නුවරවල් හැටක් ඇත්තාවූ බාෂාන්හි වූ ඕග්ගේ රාජ්‍යය වන මුළු අර්ගොබ් පළාත අල්ලාගතිමු.


අර්ණොන් ඔයබඩ තිබෙන අරෝයෙර් පටන් හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා යොර්දානෙන් එගොඩ


නුඹලා රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්‍යපානය බීවේවත් නැත. මෙසේ වූයේ මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියනසේක.


බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්