Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 29:13 - Sinhala Revised Old Version

13 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සහ නුඹලාගේ බාලයන්ද භාර්යාවන්ද නුඹේ දර කපන්නා සහ වතුර අදින්නාත් ඇතුළුව නුඹේ අන්දායම්වල සිටින විදේශියාද යන නුඹලා සියල්ලෝම අද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටිනහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට උන් වහන්සේ ඔබට වදාළ පරිදි, ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දිවුළ පරිදි අද දින උන් වහන්සේ ඔබ තමන්ට ම වෙන් කොටගත් සෙනඟක් කර, ඔබේ දෙවියන් වහන්සේ වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට උන් වහන්සේ ඔබට වදාළ පරිදි, ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දිවුළ පරිදි අද දින උන් වහන්සේ ඔබ තමන්ට ම වෙන් කොටගත් සෙනඟක් කර, ඔබේ දෙවියන් වහන්සේ වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:13
12 හුවමාරු යොමු  

නුඹලා මාගේ සෙනඟ කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය.


නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට නුඹ ස්ථිරකරනසේක.


නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.


ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.


නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.


නුඹලාගේ ප්‍රධානියෝද නුඹලාගේ ගෝත්‍රද නුඹලාගේ වැඩිමහල්ලෝද නුඹලාගේ මුලාදෑනීහුද වන සියලු


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්