Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:56 - Sinhala Revised Old Version

56 මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ නුඹලා අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

56 ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති, සුමුදු සිව්මැලි ගතිය නිසා තම පය බිම තැබීමටවත් වුවමනාවක් නොතිබුණු ස්ත්‍රිය පවා, තම ප්‍රේමවන්ත සැමියා දෙස ද දරුදැරියන් දෙස ද අකාරුණික බැල්ම හෙළන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

56 ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති, සුමුදු සිව්මැලි ගතිය නිසා තම පය බිම තැබීමටවත් වුවමනාවක් නොතිබුණු ස්ත්‍රිය පවා, තම ප්‍රේමවන්ත සැමියා දෙස ද දරුදැරියන් දෙස ද අකාරුණික බැල්ම හෙළන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:56
8 හුවමාරු යොමු  

නුඹලා අතරේ බොහෝ සැපෙන් සිටි සුමුදු මනුෂ්‍යයා වනාහි, නුඹේ සතුරන් විසින් නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී,


තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,


නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, සිහින් වස්ත්‍ර අඳින්නෝ රජ ගෙවල සිටිති.


තමාට කිසිවක් ඉතුරුව නැති බැවින් කන්නාවූ තමාගේ දරුවන්ගේ මාංසයෙන් කොටසක් තමාගේ සහෝදරයාටවත් තමාගේ ළයේ භාර්යාවටවත් ඔහු ඉතුරු කරන තමාගේ අනික් දරුවන්ගෙන් කිසිවෙකුටවත් නොදෙන හැටියට ඔවුන් කෙරෙහි ඔහුගේ බැල්ම අප්‍රසන්න වන්නේය.


කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ.


ශෝභනවූ සිව්මැළිවූ තැනැත්තී වන සියොන් දුව සිඳදමන්නෙමි.


දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්