Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 28:42 - Sinhala Revised Old Version

42 නුඹේ සියලු ගස්ද නුඹේ භූමියේ ඵලද පළඟැටියෝ භුක්තිවිඳින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:42
5 හුවමාරු යොමු  

දේශයෙහි සාගතයක් පැමිණෙන්ටවත් වංසගතය පැමිණෙන්ටවත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණෙන්ටවත්; ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන් සිටිද්දී ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ටවත්; මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ටවත් යෙදුණු කල්හි;


මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹලාට පහරදුනිමි. නුඹලාගේ බොහෝවූ වතුද මිදිවතුද නුඹලාගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව නුඹට වඩා උසස් වන්නේය; නුඹ වැඩි වැඩිව පහත් වන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්