Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:38 - Sinhala Revised Old Version

38 නුඹ බොහෝ බීජ කෙතට ගෙනයන නුමුත් ස්වල්පයක්ම රැස්කරගන්නෙහිය; මක්නිසාද පළඟැටියෝ ඒවා කාදමන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 “ඔබ කෙතට බොහෝ බීජ ගෙන යන නමුත්, අස්වැන්න ස්වල්ප වනු ඇත. මන්ද, පළඟැටියෝ ඒවා කාදමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 “ඔබ කෙතට බොහෝ බීජ ගෙන යන නමුත්, අස්වැන්න ස්වල්ප වනු ඇත. මන්ද, පළඟැටියෝ ඒවා කාදමන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:38
15 හුවමාරු යොමු  

නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.


නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.


පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියෝ කෑවෝය; පළගැටියන් ඉතිරිකළ ඒවා කෙඳි-පළඟැටියෝ කෑවෝය; කෙඳි-පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන-පළඟැටියෝ කෑවෝය.


මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹලාට පහරදුනිමි. නුඹලාගේ බොහෝවූ වතුද මිදිවතුද නුඹලාගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.


උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය.


අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.


එසේ හරින්ට අකැමැති වන්නෙහිනම්, බලව, මම හෙට නුඹේ සීමාව ඇතුළට පළඟැටියන් පමුණුවන්නෙමි.


නුඹේ සියලු ගස්ද නුඹේ භූමියේ ඵලද පළඟැටියෝ භුක්තිවිඳින්නෝය.


දේශයෙහි සාගතයක් පැමිණෙන්ටවත් වංසගතය පැමිණෙන්ටවත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණෙන්ටවත්; ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන් සිටිද්දී ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ටවත්; මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ටවත් යෙදුණු කල්හි;


ඔව්හු තිරිඟු වපුරා කටු ගස් කපාගත්තෝය; ඔව්හු වෙහෙසුණු නුමුත් ප්‍රයෝජන නොලබති; මෙසේ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නිසා නුඹලාගේ අස්වැන්න ගැන ලජ්ජාවන්නහුය.


බලව, මම නුඹලා නිසා බීජ වලක්වමි, නුඹලාගේ මුහුණු පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ නුඹලා අහකට ගෙනයනු ලබනවා ඇත.


නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්