Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 26:7 - Sinhala Revised Old Version

7 අපි අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මොරගැසීමුව, ස්වාමීන්වහන්සේ අපේ හඬ අසා, අපේ පීඩාවත් වෙහෙසත් හිරිහැරයත් බලා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට අප මොරගැසූ විට සමිඳාණන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදර ද හිංසා පීඩා ද වෙහෙස මහන්සි ද දෙස බැලූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට අප මොරගැසූ විට සමිඳාණන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදර ද හිංසා පීඩා ද වෙහෙස මහන්සි ද දෙස බැලූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 26:7
18 හුවමාරු යොමු  

ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.


දැන් බලව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මොරගැසීම මා වෙතට පැමිණ තිබේ. මිසරවරුන් ඔවුන්ට කරන පීඩාවත් දුටිමි.


ඒක කරන ස්වාමීන්වහන්සේද ඒක පිහිටුවීමට ඒක යොදන ස්වාමීන්වහන්සේද වූ, යෙහෝවඃ යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේ මෙසේ කියනසේක:


ඔබගේ නාමයට ප්‍රේමවන්නන්ට ඔබගේ ව්‍යවහාරය ලෙස, මා දෙසට හැරී මට කරුණාකළ මැනව.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.


ඇරත් මිසරවරුන් විසින් වහල්කමෙහි තබාගන සිටින ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරිගෑම මම අසා මාගේ ගිවිසුම සිහිකෙළෙමි.


සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.


සමහරවිට මට කරනලද අයුක්තිය දෙස ස්වාමීන්වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනවා ඇතැයි කීවේය.


දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක.


ලෙයා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ස්වාමීන්වහන්සේ මාගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය.


දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්වය සැලකූසේක.


ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්