Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 24:21 - Sinhala Revised Old Version

21 නුඹේ මුද්‍රික වලු කපාගැනීමේදී ඉතිරි ඒවා නැවත නෙළානොගන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 24:21
5 හුවමාරු යොමු  

අහෝ නුඹ සිඳිනු ලැබූ හැටි! සොරුවත් රාත්‍රියේ කොල්ලකාරයෝවත් නුඹ ළඟට ආවෝ නම් තමුන්ට සෑහෙන පමණ සොරකම්කර නොගන්නෝද? මිදිඵල නෙළන්නෝ නුඹ ළඟට ආවෝ නම් ඔවුන් ස්වල්පයක්වත් ඉතුරු කරන්නේ නැද්ද?


නුඹේ කෙතෙහි ගොයම් කපන කල්හි කෙතේ ගොයම් මිටියක් මතකනැතිවුණොත් ඒක ගෙනෙන්ට ආපසු නොයන්න. නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස ඒක විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.


නුඹේ ඔලීව ගහට ගසා ඵල නෙළා ගැනීමේදී අතුවල ඉතුරු වෙන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.


නුඹ මිසර දේශයෙහි වහලෙක් ව සිටි බව සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට නුඹට අණකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්