Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 22:6 - Sinhala Revised Old Version

6 පැටවුන් හෝ බිත්තර ඇති පක්ෂි කූඩුවක් ගසකවත් බිමවත් තිබී නුඹට මගදී සම්බවුණොත්, මව පැටවුන් පිට නොහොත් බිත්තර පිට සිටින්නීනම්, පැටවුන් සමඟ මව අල්වා නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “ඔබ පාරේ යන විට, ගසක හෝ බිම හෝ ඇති, පැටවුන් හෝ බිත්තර හෝ සහිත, කුරුලු කූඩුවක් දුටහොත්, තවද කිරිල්ලී පැටවුන් හෝ බිත්තර හෝ මත සිටින්නී නම්, ඔබ පැටවුන් සමඟ කිරිල්ලී නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 “ඔබ පාරේ යන විට, ගසක හෝ බිම හෝ ඇති, පැටවුන් හෝ බිත්තර හෝ සහිත, කුරුලු කූඩුවක් දුටහොත්, තවද කිරිල්ලී පැටවුන් හෝ බිත්තර හෝ මත සිටින්නී නම්, ඔබ පැටවුන් සමඟ කිරිල්ලී නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 22:6
7 හුවමාරු යොමු  

තවද එළදෙනෙක් වුවත් බැටළු දෙනෙක් වුවත් ඌ සහ උගේ පැටවා එක දවසෙහි නොමරන්න.


ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.


ගේ කුරුල්ලන් පස්දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය.


නුඹ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස නුඹ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක.


එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.


මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.


ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්