Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 22:4 - Sinhala Revised Old Version

4 නුඹේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා මග වැටී ඉන්නවා දුටු විට ඌ කෙරෙන් මග නෑර, නැවත උන් නැගුටුවන පිණිස ඔහුට නුඹ විසින් උදව්විය යුතුමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 22:4
10 හුවමාරු යොමු  

ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.


මම ඉතා සන්තෝෂයෙන් නුඹලාගේ ආත්ම ගැන මට ඇති දේ වියදම්කරන්නෙමි, මම්ම වැයවන්නෙමි. මම වැඩියෙන් නුඹලාට ප්‍රේමකරන තරමට අඩුවෙන් ප්‍රේමකරනු ලබම්ද?


ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය.


නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;


ඔහුගේ කොටළුවා ගැනත් එසේම කරන්න; ඔහුගේ වස්ත්‍රය ගැනත් එසේම කරන්න; නුඹේ සහෝදරයාගෙන් නැතිවුණාවූ නුඹට සම්බවුණාවූ කොයි දෙයක් ගැනත් එසේම කරන්න. නුඹ එයින් මගනෑරිය යුතුය.


ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්