Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 22:1 - Sinhala Revised Old Version

1 නුඹේ සහෝදරයාගේ ගොනා හෝ ඔහුගේ බැටළුවා හෝ මුළාව යනවා නුඹ දුටු විට උන්ගෙන් මගනෑර උන් නැවත නුඹේ සහෝදරයා ළඟට නුඹ විසින් ගෙනයා යුතුමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “ඔබේ සහෝදරයාට අයිති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ මංමුළා ව ගොස් සිටිනු දැක, ඌ ගැන සලකා බලා, ඔබේ සහෝදරයා වෙත ඌ ආපසු ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “ඔබේ සහෝදරයාට අයිති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ මංමුළා ව ගොස් සිටිනු දැක, ඌ ගැන සලකා බලා, ඔබේ සහෝදරයා වෙත ඌ ආපසු ගෙනා යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 22:1
21 හුවමාරු යොමු  

මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි.


බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?


මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.


මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාවයමින් සිටියහුය; නුමුත් දැන් නුඹලාගේ ආත්මවල එඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.


නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක.


ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න.


දුර්වල එවුන් නුඹලා විසින් ශක්තිමත් කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද නුඹලා උන් ආණ්ඩුකළහුය.


මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.


දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.


ඒ මනුෂ්‍යයා තමාගේ දරුවන්ගෙන් කෙනෙක් මොලෙක්ට දෙන කල දේශයේ වැසියෝ යම් ආකාරයකින් ඔහු කෙරෙන් තමුන්ගේ ඇස් වසාගෙන ඔහු නොමරන්නෝනම්,


මක්නිසාද: ගොනා ගොයම් පාගන විට උගේ කට නොබඳුවයි මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ. දෙවියන්වහන්සේ සලකන්නේ ගවයන් ගැනද?


නැතිවූ දෙය සම්බවූ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියාකොට බොරුවට දිවුළොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව්කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන්,


නුඹේ සහෝදරයා නුඹට ළංව නැත්නම්, නොහොත් නුඹ ඔහු නාඳුනනවානම්, ඌ නුඹේ ගෙදරට ගෙනයන්න. නුඹේ සහෝදරයා ඌ සොයා එන තුරු ඌ නුඹ ළඟ සිටීවා, ඌ නැවත ඔහුට භාර දෙන්න.


නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්