Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 20:2 - Sinhala Revised Old Version

2 තවද නුඹලා සටනට ළංවෙන කල්හි පූජකයා සෙනඟ ළඟට අවුත් කථාකරමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබ සටනට ළං වන කල පූජකවරයා සේනාව වෙත පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔබ සටනට ළං වන කල පූජකවරයා සේනාව වෙත පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 20:2
9 හුවමාරු යොමු  

මෙන්න, දෙවියන්වහන්සේ අප කෙරෙහි ප්‍රධානව අප සමඟ සිටිනසේක, නුඹලාට විරුද්ධව පිඹින පිණිස හොරණෑ ගත් උන්වහන්සේගේ පූජකයෝද සිටිති. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද නුඹලා සඵල නොවන්නහුයයි කීවේය.


මෝසෙස්ද ගෝත්‍රයකින් දාහක් බැගින් වූ ඔවුන් සහ පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද ඔහු අතට ශුද්ධ ස්ථානයෙහි භාජනත් පිඹීමට නළාත් දී යුද්ධයට ඇරියේය.


සාවුල් අහියාට කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මෙහි ගෙනෙන්නැයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත තිබුණේය.


නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ සටනට ගොස් අශ්වයන් හා රථද නුඹට වඩා ගණනින් වැඩිවූ සෙනඟක්ද දක්නා කල ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක.


ඉශ්‍රායෙල්වරුනි, අසන්න, නුඹලා අද නුඹලාගේ සතුරන්ට විරුද්ධව සටනට ළංවෙනවාය. නුඹලාගේ සිත් ක්ලාන්ත නොවේවා; ඔවුන් නිසා භය නොවන්න, වෙවුලමින් තැති නොගන්න.


දාවිත් සාවුල්ට කථාකොට: කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා; ඔබගේ මෙහෙකරුවාවූ මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන්කරමියි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්