Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 2:1 - Sinhala Revised Old Version

1 එවිට ස්වාමීන්වහන්සේ මට කීලෙස අපි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කොට බොහෝ දවස් සේයිර් කඳුකරය වටේ ගියෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 2:1
7 හුවමාරු යොමු  

ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.


නුඹලා වනාහි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කරන්න යයි කීසේක.


දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.


පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.


හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට:


උන්වහන්සේ මිසරයේ යුද්ධ සේනාව සහ ඔවුන්ගේ අශ්වයන්ටත් රථවලටත් කළ දෙය එනම් ඔවුන් නුඹලා ලුහුබැඳ එද්දී උන්වහන්සේ රතු මුහුදේ වතුර ඔවුන් පිටට පමුණුවා අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔවුන් විනාශ කළ හැටිද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්