Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 19:17 - Sinhala Revised Old Version

17 ඒ නඩුව ඇති මනුෂ්‍යයෝ දෙන්නාම ස්වාමීන්වහන්සේ ඉදිරියට එනම් ඒ දවස්වල සිටින පූජකයන්ද විනිශ්චයකාරයන්ද ඉදිරියට පැමිණෙත්වා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඒ නඩුවට සම්බන්ධ දෙදෙනා ම සමිඳාණන් වහන්සේ ඉදිරියට, එනම්, එකල නිල දරන පූජකවරුන් සහ විනිශ්චයකරුවන් ඉදිරියට, පැමිණිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඒ නඩුවට සම්බන්ධ දෙදෙනා ම සමිඳාණන් වහන්සේ ඉදිරියට, එනම්, එකල නිල දරන පූජකවරුන් සහ විනිශ්චයකරුවන් ඉදිරියට, පැමිණිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 19:17
9 හුවමාරු යොමු  

ලෙවීවරු වන පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාගකරන්න; ඔවුන් නුඹට නඩුවේ තීන්දුව දන්වනවා ඇත.


ලෙවීගේ පුත්‍රයෝවූ පූජකයෝද එහි පැමිණෙත්වා; මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් තමන්ට සේවයකරන පිණිසද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ඔවුන් තෝරාගත් සේක; ඔවුන්ගේ කීමේ හැටියට සියලු විවාදද සියලු දඬුවම්ද වේවා.


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


සොරා අසුනූණොත් ගෙයි ස්වාමියා තම අසල්වාසියාගේ බඩුවලට අත නොපෙවුවාදැයි බලන පිණිස ඔහු දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා.


මනුෂ්‍යයන් අතරේ අරෝවක් හටගැනී ඔවුන් විනිශ්චය පිණිස ආවොත්, විනිශ්චයකාරයෝ ඔවුන් විනිශ්චයකරමින් ධර්මිෂ්ඨයා නිදොස්කර දුෂ්ටයා වරදට පත්කරත්වා;


පැමිණිල්ලක් ගැන නම් ඔව්හුම විනිශ්චයකිරීමට සිට, මාගේ විනිශ්චයවල හැටියට ඒක විනිශ්චයකරත්වා. මාගේ ව්‍යවස්ථාද මාගේ නියෝගද ඔව්හු මාගේ සියලු සභාවලදී රක්ෂාකරත්වා; මාගේ සබත් දවස්ද ශුද්ධකොට පවත්වත්වා.


ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය; ඔහුද සෑමකල්හිම ඔහුට වැඩකරන්නේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්