Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 18:2 - Sinhala Revised Old Version

2 ඔවුන්ට තමුන්ගේ සහෝදරයන් අතරෙහි උරුමයක් නොලැබේ. ස්වාමීන්වහන්සේ ඔවුන්ට කීලෙස ඔවුන්ගේ උරුමය නම් උන්වහන්සේමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එබැවින් ඔවුන්ගේ සහෝදර ජනතාව සමඟ ඔවුන්ට උරුමයක් නොවනු ඇත. සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ පරිදි උන් වහන්සේ ම ඔවුන්ගේ උරුමය වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එබැවින් ඔවුන්ගේ සහෝදර ජනතාව සමඟ ඔවුන්ට උරුමයක් නොවනු ඇත. සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ පරිදි උන් වහන්සේ ම ඔවුන්ගේ උරුමය වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 18:2
15 හුවමාරු යොමු  

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,


මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේයයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.


නුඹලා වනාහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත.


මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේය. ඔබගේ වචන පවත්වන්නෙමියි කීයෙමි.


මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.


මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක.


මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.


නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් නුඹට නොවන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නුඹේ කොටසද නුඹේ උරුමයද මමය.


එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)


ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.


ඔවුන්ට ලැබෙන උරුමය මෙසේය; ඔවුන්ගේ උරුමය මමය. නුඹලා ඔවුන්ට ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කොටසක් නොදිය යුතුය; ඔවුන්ගේ කොටස මමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්