Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 17:9 - Sinhala Revised Old Version

9 ලෙවීවරු වන පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාගකරන්න; ඔවුන් නුඹට නඩුවේ තීන්දුව දන්වනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ලෙවී පූජකයන් සහ එකල පත් ව සිටින විනිසකරු වෙත පැමිණ එය විසඳාගත යුතු ය. ඔව්හු ඔබට නඩු තීන්දුව දෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ලෙවී පූජකයන් සහ එකල පත් ව සිටින විනිසකරු වෙත පැමිණ එය විසඳාගත යුතු ය. ඔව්හු ඔබට නඩු තීන්දුව දෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 17:9
15 හුවමාරු යොමු  

පැමිණිල්ලක් ගැන නම් ඔව්හුම විනිශ්චයකිරීමට සිට, මාගේ විනිශ්චයවල හැටියට ඒක විනිශ්චයකරත්වා. මාගේ ව්‍යවස්ථාද මාගේ නියෝගද ඔව්හු මාගේ සියලු සභාවලදී රක්ෂාකරත්වා; මාගේ සබත් දවස්ද ශුද්ධකොට පවත්වත්වා.


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට–


එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.


සොරා අසුනූණොත් ගෙයි ස්වාමියා තම අසල්වාසියාගේ බඩුවලට අත නොපෙවුවාදැයි බලන පිණිස ඔහු දෙවියන්වහන්සේ වෙතට පැමිණේවා.


ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ඒ ස්ථානයේ සිට ඔවුන් නුඹට දන්වන තීන්දුව ප්‍රකාර කරන්න; ඔවුන් නුඹට දන්වාදෙන සියල්ලේ හැටියට කරන්ට බලාගන්න.


ලෙවීගේ පුත්‍රයෝවූ පූජකයෝද එහි පැමිණෙත්වා; මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් තමන්ට සේවයකරන පිණිසද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ඔවුන් තෝරාගත් සේක; ඔවුන්ගේ කීමේ හැටියට සියලු විවාදද සියලු දඬුවම්ද වේවා.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.


මනුෂ්‍යයන් අතරේ අරෝවක් හටගැනී ඔවුන් විනිශ්චය පිණිස ආවොත්, විනිශ්චයකාරයෝ ඔවුන් විනිශ්චයකරමින් ධර්මිෂ්ඨයා නිදොස්කර දුෂ්ටයා වරදට පත්කරත්වා;


ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.


ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියාද ඔහුගේ පුත්‍රයෝද පිටත කටයුතු ගැන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට බෙතෙල්හි වැසියෝ ෂරෙශෙර්ද රෙගෙම්-මෙලෙක්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්