Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 16:1 - Sinhala Revised Old Version

1 ආබීබ් මාසය සිහිකර නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 16:1
16 හුවමාරු යොමු  

මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන්න. මා නුඹට අණදුන් ලෙස ආබීබ් මාසයේ නියම කාලයෙහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹ මිසරයෙන් පිටතට ආවෙහිය.


ආබීබ්නම් මාසයේ මේ දවසේ නුඹලා නික්මයන්නහුය.


පළමුවෙනි මස දසසතරවෙනි දින ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.


පළමුවෙනි මස දස සතරවෙනි දින සවස ස්වාමීන්වහන්සේගේ පාස්කුව වේ.


මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. නුඹලා ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා.


උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය.


යුදෙව්වරුන්ගේ පාස්කුව ළංව තිබුණේය, යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක.


ඉන්පසු යුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක.


යුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළංව තිබුණේය.


එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.


ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.


මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.


අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්