Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 15:2 - Sinhala Revised Old Version

2 මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ණයෙන් නිදහස දීම මෙලෙස විය යුතු ය. තම අසල්වැසියාට ණයට දෙන සෑම කෙනෙකු ම, ඒ තැනැත්තාට ණයෙන් නිදහස දිය යුතු වේ. තම අසල්වැසියාගෙන් හෝ මොහුගේ සොහොයුරාගෙන් හෝ ඔහු එය බලෙන් නොගත යුතු ය. මන්ද, මෙය වනාහි සමිඳාණන් වහන්සේ දානය කරන නිදහසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ණයෙන් නිදහස දීම මෙලෙස විය යුතු ය. තම අසල්වැසියාට ණයට දෙන සෑම කෙනෙකු ම, ඒ තැනැත්තාට ණයෙන් නිදහස දිය යුතු වේ. තම අසල්වැසියාගෙන් හෝ මොහුගේ සොහොයුරාගෙන් හෝ ඔහු එය බලෙන් නොගත යුතු ය. මන්ද, මෙය වනාහි සමිඳාණන් වහන්සේ දානය කරන නිදහසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 15:2
13 හුවමාරු යොමු  

මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


ණය ගෙවන්ට ඔවුන්ට කිසිවක් නැති හෙයින් ඔහු ඒ දෙදෙනාටම කමාවූයේය. එබැවින් ඔවුන්ගෙන් කොයි තැනැත්තා ඔහුට වැඩිව ප්‍රේමකරනවා ඇද්දැයි කීසේක.


අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව.


අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, නුඹලාගේ උපවාස දවසේදී නුඹලා සැප ගනිති, නුඹලාගේ සියලුම වැඩද කරවාගනිති.


හැම අවුරුදු සතක කෙළවරදී නුඹ විසින් මුදාලීමක් කළ යුතුය.


පරදේශියෙකුගෙන් නම් ඒක අයකරන්ට නුඹට පුළුවන. එහෙත් නුඹට අයිති යමක් නුඹේ සහෝදරයා ළඟ ඇද්ද, නුඹ එය නිදහස්කර දෙන්න.


ඔවුන්ට අණකරමින් කියනුයේ: සෑම අවුරුදු සතක කෙළවරදී, මිදීමේ අවුරුද්දේදී, නියම කාලය වන කූඩාරම් මංගල්‍යයේදී,


දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්නා හැටියටත්, හත්වෙනි අවුරුද්දේ පල ප්‍රයෝජන සහ සියලු ණයද අත්හරින හැටියටත් ශාපයකින් හා දිවුරුමකින් බැඳුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්