Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 14:24 - Sinhala Revised Old Version

24 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන කල්හි උන්වහන්සේ ස්වකීය නාමය තබන්ට තෝරාගන්න ස්ථානය නුඹට දුර නිසා ඒවා ගෙනයන්ට බැරි ලෙස ඒ ගමන නුඹට දුර වැඩි නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ පසු සිය නාමය පිහිටුවනු සඳහා උන් වහන්සේ තෝරාගත් ස්ථානය ඔබෙන් බොහෝ දුර නම්, දසයෙන් කොටස ඔබට උසුලාගෙන යෑමට නොහැකි වන තරමට දුර වැඩි නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ පසු සිය නාමය පිහිටුවනු සඳහා උන් වහන්සේ තෝරාගත් ස්ථානය ඔබෙන් බොහෝ දුර නම්, දසයෙන් කොටස ඔබට උසුලාගෙන යෑමට නොහැකි වන තරමට දුර වැඩි නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 14:24
5 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය නුඹට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ නුඹට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා නුඹට අණකළ ලෙස මරා, නුඹේ සිතේ මුළු ආශාව ලෙස නුඹේ දොරටු ඇතුළතදී කන්න.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.


නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. නුඹලාගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පිටුපස මුහුද දක්වාම වන්නේය.


මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.


ඒවා මිලේටදී, ඒ මුදල නුඹේ අතේ බැඳ තබාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා තැනට ගොස්


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්