Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:14 - Sinhala Revised Old Version

14 නුමුත් නුඹේ ගෝත්‍රයන්ගෙන් එකක් තුළවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා වූ ස්ථානයෙහිම නුඹේ දවන පූජා පුදා මා විසින් නුඹට අණකරන සියල්ලත් එහිම කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:14
24 හුවමාරු යොමු  

එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.


එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.


සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.


මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.


නුඹ දකින සියලු තැන්හිම නුඹේ දවන පූජා නොපුදන්ට බලාගන්න.


එසේ වී නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන ආශීර්වාදයේ හැටියට නුඹේ සියලු දොරටු ඇතුළේ නුඹේ සිතේ මුළු ආශාවේ හැටියට නුඹට සතුන් මරා මස් කන්ට පුළුවන. මුවමස්ද ගෝනමස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් ඒවා කන්ට පුළුවන.


මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.


ඉශ්‍රායෙල් වංශයේ කොයි මනුෂ්‍යයෙක් නුමුත් ගවයෙක්වත් බැටළුපැටවෙක්වත් එළුවෙක්වත් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට පූජාවක්කොට ඔප්පුකරන්ට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනැවිත්,


කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ දාසයාද නුඹේ දාසීද නුඹේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


නුඹේ ධාන්‍යවලිනුත් මුද්‍රික රසයෙනුත් තෙල්වලිනුත් දසයෙන් කොටසද නුඹේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී උන්වහන්සේ ඉදිරියෙහි කන්න.


ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී අවුරුද්දෙන් අවුරුද්ද නුඹ සහ නුඹේ ගෙයි වැසියෝ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උගේ මස් කන්න.


එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.


නුඹේ දොරටු ඇතුළෙහි හටගන්න නඩුවලින් ලේ සහ ලේ අතරේද පැමිණිල්ල සහ පැමිණිල්ල අතරේද පහර සහ පහර අතරේද විනිශ්චයකරන්ට යම් කාරණයක් නුඹට අමාරු වැඩි නම්, නුඹ නැගිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට ගොස්,


මුළු ඉශ්‍රායෙල්හි කොතන නමුත් තිබෙන නුඹේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවීයයෙක් එතනින් පිටත්වී ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත්,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් ආ විට, මේ ව්‍යවස්ථාව සියලු ඉශ්‍රායෙල්වරුන් අසාගන සිටිද්දී ඔවුන් ඉදිරිපිට කියවන්න.


අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන්වහන්සේගේ පූජාසනය හැර දවන පූජා හෝ ආහාර පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යාම අපෙන් දුරුවේවයි කීවෝය.


මාගේ නාමය එහි වන්නේයයි ඔබ යම් ස්ථානයක් ගැන කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා. මේ ස්ථානය දෙසට ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.


නුමුත්-අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමුයයි නුඹලා සමහරවිට මට කියනවා ඇත. නුමුත් නුඹලා යෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා, හෙසකියා උන්වහන්සේගේ උස් තැන්ද පූජාසනද පහකරදැමුවා නොවේද?


එවිට දාවිත් කථාකොට: දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය මේය, ඉශ්‍රායෙල්ගේ දවන පූජා ඔප්පුකරන පූජාසනයද මේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්