Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:12 - Sinhala Revised Old Version

12 නුඹලාද නුඹලාගේ පුත්‍රයෝද දූවරුද වැඩකාරයෝද වැඩකාරියෝද නුඹලාගේ දොරටු ඇතුළත සිටින්නාවූ, නුඹලා සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබුවාවූ ලෙවීයයාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:12
30 හුවමාරු යොමු  

නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.


දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,


එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)


එවිට ලෙවීයයාට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් නුඹේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ කරන නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹට ආශීර්වාදකරනවා ඇත.


නුඹේ දේශය මතුපිට නුඹ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න.


ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.


දෙවියන්වහන්සේ සෙනඟ උදෙසා සූදානම්කළ දේ ගැන හෙසකියාද මුළු සෙනඟද ප්‍රීතිවූහ. මක්නිසාද මේ කාරණය හදිසියෙන් සිද්ධකරනලද්දේය.


අටවෙනිදා ඔහු සෙනඟ යන්ට හැරියේය, ඔව්හු රජුට ආශීර්වාද ඉල්ලා, ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.


මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.


නුමුත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් කිසි උරුමයක් නුදුන්නේය. ඔවුන්ට කී හැටියට ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් නුඹට නොවන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නුඹේ කොටසද නුඹේ උරුමයද මමය.


ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.


තවද නුඹ ලෙවීවරුන්ට මෙසේ කියන්න–නුඹලාගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස නුඹලා ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න.


මුළු ඉශ්‍රායෙල්හි කොතන නමුත් තිබෙන නුඹේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවීයයෙක් එතනින් පිටත්වී ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත්,


නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ මංගල්‍යයෙහිදී ප්‍රීතිවන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක.


මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත.


නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ දාසයාද නුඹේ දාසීද නුඹේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹටද නුඹේ පවුලටද දුන් සියලු යහපත් දේ ගැන නුඹද ලෙවීයයාද නුඹලා අතරෙහි වසන විදේශියාද ප්‍රීතිවන්න.


තිර්ෂාතාවූ නෙහෙමියාද ලියන්නාවූ පූජක එස්රාද සෙනඟට ඉගැන්වූ ලෙවීවරුද මුළු සෙනඟට කථාකොට: අද දවස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධය; වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය.


පළමුවෙනි දින ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගංනළා ගස්ද රැගෙන සත් දවසක් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවෙන්න.


ශාන්ති පූජාවල්ද ඔප්පුකර, එහිදී කමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්