Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 11:32 - Sinhala Revised Old Version

32 මා විසින් අද නුඹලා ඉදිරියෙහි තබන සියලු පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්ට බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මා අද දින ඔබ ඉදිරියෙහි තබන සියලු නීති හා නියෝග ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මා අද දින ඔබ ඉදිරියෙහි තබන සියලු නීති හා නියෝග ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 11:32
14 හුවමාරු යොමු  

මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.


මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.


ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.


ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී එය හිමිකරගන්න පිණිස නුඹලා යොර්දානෙන් එතරට යන්ට සිටිනහුය, නුඹලා ඒක හිමිකරගෙන එහි වාසය කරන්නහුය.


නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයේදී නුඹලා භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල නුඹලා විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය.


ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.


බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.


මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න.


නුඹලා අවට නුඹට කිට්ටුව හෝ නුඹෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්