Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 1:25 - Sinhala Revised Old Version

25 ඔව්හු දේශයේ ඵලවලින් ස්වල්පයක් තමුන්ගේ අත්වල රැගෙන අප ළඟට බැස අවුත්: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශය හොඳය කියා අපට දැන්වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඒ රටේ පලතුරුවලින් ද සමහරක් අප වෙත ගෙනවුත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන දේශය සාරවත් රටක් බව ද අපට සැළ කළ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඒ රටේ පලතුරුවලින් ද සමහරක් අප වෙත ගෙනවුත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන දේශය සාරවත් රටක් බව ද අපට සැළ කළ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:25
6 හුවමාරු යොමු  

එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලන්න. නුඹලා ධෛර්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙන්නැයි කීවේය. ඒ කාලය ප්‍රථම මුද්‍රික ඵල වාරයව තිබුණේය.


ඔව්හු ඔහුට කථාකොට: ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය.


ඔව්හු පිටත්වී කන්දට නැගී එෂ්කොල් මිටියාවත දක්වා ගොස් ඒක සෝදිසිකළෝය.


එසේවීනුමුත් නුඹලා යන්ට නොකැමැතිව නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගසා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්