Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 1:24 - Sinhala Revised Old Version

24 ඔව්හු පිටත්වී කන්දට නැගී එෂ්කොල් මිටියාවත දක්වා ගොස් ඒක සෝදිසිකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔව්හු ද හැරී කඳුකරයට නැඟී, එෂ්කොල් මිටියාවත දක්වා ගොස් එහි ඔත්තු බැලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔව්හු ද හැරී කඳුකරයට නැඟී, එෂ්කොල් මිටියාවත දක්වා ගොස් එහි ඔත්තු බැලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:24
6 හුවමාරු යොමු  

දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලන්න. නුඹලා ධෛර්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙන්නැයි කීවේය. ඒ කාලය ප්‍රථම මුද්‍රික ඵල වාරයව තිබුණේය.


ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.


ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් නුඹලාගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.


ඔව්හු දේශයේ ඵලවලින් ස්වල්පයක් තමුන්ගේ අත්වල රැගෙන අප ළඟට බැස අවුත්: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශය හොඳය කියා අපට දැන්වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්