Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 1:18 - Sinhala Revised Old Version

18 ඒ කාලයේදී නුඹලා විසින් කළ යුතු සියලු දේ ගැනත් නුඹලාට අණකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මම ඔබ කළ යුතු සියල්ල ගැන ඔබට උපදෙස් දුනිමි.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මම ඔබ කළ යුතු සියල්ල ගැන ඔබට උපදෙස් දුනිමි.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:18
9 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්,


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.


නුඹටත් නුඹෙන් පසු නුඹේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයටම නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.


බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.


නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න.


ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්