Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 1:13 - Sinhala Revised Old Version

13 ප්‍රඥාවන්තවූ බුද්ධිමත්වූ අඳුනන මනුෂ්‍යයන් නුඹලාගේ ගෝත්‍ර ප්‍රකාරයට තෝරාගන්න. මම ඔවුන් නුඹලා කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නෙමියි කීයෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:13
7 හුවමාරු යොමු  

එහෙයින් දැන් ඵාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු සොයා ඔහු මිසර දේශය කෙරෙහි පත්කෙරේවා.


ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න.


මම වනාහි තනියම නුඹලාගෙන් පැමිණෙන වෙහෙසත් බරත් නුඹලාගේ විවාදත් කෙසේ දරම්ද?


නුඹලා මට උත්තරදෙමින්: නුඹ කී දේ කිරීම අපට යහපතැයි කීවහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්