Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 1:11 - Sinhala Revised Old Version

11 නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා දැන් සිටිනවාටත් වඩා දහස් ගුණයක් වැඩිකොට උන්වහන්සේ පොරොන්දුවුණු ලෙස නුඹලාට ආශීර්වාදකරනසේක්වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:11
16 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ නුඹලා හා නුඹලාගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා.


මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරෙළහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;


ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හෙයින්


මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.


යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය.


පහළ වැතිර තිබෙන ගැඹුරේ ආශීර්වාදවලිනුත් පායෝධරවල සහ ගර්භයේ ආශීර්වාදවලිනුත් නුඹට ආශීර්වාදකරන සර්වපරාක්‍රමයාණන්වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිරකරන ලද්දේය. (ඉශ්‍රායෙල්ගේ පර්වතයවූ එඬේරා මෙතැනින්ය.)


දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක.


ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: නුඹලාගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය.


උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.


යෝවාබ් කථාකොට: දැන් සිටින පමණට වඩා ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සියක් ගුණයක් වැඩිකරනසේක්වා. එහෙත්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔවුන් සියල්ලෝම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙද්ද? මාගේ ස්වාමියා මේක අණකර ඉශ්‍රායෙල්වරුන් පිටට වරද පමුණුවන්නේ මක්නිසාදැයි කීය.


බලව, මම දේශය නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා වැඩිකළසේක, නුඹලා දැන් ගණනින් අහසේ තාරකා මෙන්ය.


මම වනාහි තනියම නුඹලාගෙන් පැමිණෙන වෙහෙසත් බරත් නුඹලාගේ විවාදත් කෙසේ දරම්ද?


සැත්තෑදෙනෙක්වූ නුඹේ පියවරු මිසර දේශයට බැස ගියෝය; දැනුදු නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අහසේ තාරකා මෙන් ගණනින් නුඹ වැඩිකළසේක.


නුඹලා අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් නුඹලා ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය.


කෙතේ දළුව මෙන් නුඹ රාශි ගණන් වැඩිකෙළෙමි, නුඹ වැඩ මහත්වී, ඉතා ලක්ෂණ ස්වභාවකට පැමිණියෙහිය; නුඹේ පියයුරු සෑදුණේය, නුඹේ ඉසකේද වැඩුණේය; නුමුත් නුඹ නිර්වස්ත්‍රව නග්නව සිටියෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්