Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 7:4 - Sinhala Revised Old Version

4 මා නින්දට යන කල: රාත්‍රිය පසුවී කොයි වේලේ නැගිටින්නෙම්දැ යි කියමි; පහන්වෙන තුරු මම පෙරළි පෙරළී ඉඳිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි. පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි. පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 7:4
9 හුවමාරු යොමු  

නුඹේ සිතට පැමිණෙන භීතියද නුඹේ ඇස්වලින් දකින කාරණාද නිසා නුඹ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය.


ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි.


ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.


අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.


අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.


බැසයන සෙවණැල්ලක් මෙන් පහවයමි. පළඟැටියා මෙන් ඔබ මොබ එළවනු ලබමි.


මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.


රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්