Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 6:25 - Sinhala Revised Old Version

25 අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් නුඹලාගේ අවවදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 6:25
15 හුවමාරු යොමු  

කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.


මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.


කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.


ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.


ඒ එසේ නොවේනම් මා බොරුකාරයෙක් බව ඔප්පුකොට මාගේ කථාව නිෂ්ප්‍රභාකරන්නේ කවුදැයි කීවේය.


එසේනම් නුඹලාගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස නුඹලා මා සනසන්ට හදන්නේ කෙසේදැයි කීවේය.


නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය නුඹලාට ප්‍රඥාව වන්නේය.


සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය.


මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.


බලාපොරොත්තුවක් නැත්තාගේ කීම සුළඟට යද්දී නුඹලා වචනවලට තරවටුකරන්ට සිතන්නහුද?


බලව, නුඹලා සියල්ලෝම එය දුටුවෝය; එසේනම් නුඹලා මෙසේ නිෂ්ඵල දේ කථාකරන්නේ මක්නිසාද?


මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ; කලට සුදුසු වචනය කොපමණ හොඳද!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්