Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 5:4 - Sinhala Revised Old Version

4 ඔහුගේ දරුවෝ සුරක්ෂිතකමෙන් දුරුව සිටිති, ඔව්හු දොරටුවේදී පොඩිකරනු ලබති, ඔවුන් ගළවන්ට කිසිවෙක්ද නැත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත; නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත. උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත; නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත. උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 5:4
16 හුවමාරු යොමු  

එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.


ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය; මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති.


මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය.


නැතහොත් ගළවන්නෙක් නැති කල්හි ඔහු සිංහයෙකු මෙන් මාගේ ආත්මය කැබලිකොට ඉරාදමන්නේය.


ඔහුගේ දරුවන් බෝවෙතත් ඒ කඩුවටය; ඔහුගෙන් පැවත එන්නෝද කෑමෙන් තෘප්තියට නොපැමිණෙන්නෝය.


ඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක.


නුඹේ දරුවන් උන්වහන්සේට විරුද්ධව පව්කරන්ටත්, උන්වහන්සේ ඔවුන්ගේ අපරාධයේ බලයට ඔවුන් පාවාදෙන්ටත් යෙදුණේ නම්,


තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


ඔහු ඒ නුවරවලින් එකකට පලාගොස් නුවර දොරකඩ සිට ඒ නුවර වැඩිමහල්ලන් ඉදිරියෙහි තමාගේ කාරණය කියා සිටින්නේය; ඔවුන් ඔහු නුවරට පිළිගෙන ඔහු තමුන් සමඟ වාසයකරන පිණිස ඔහුට තැනක් දිය යුතුය.


ඔහුගේ දරුවෝ දුප්පතුන්ගේ කරුණාව සොයන්නෝය, ඔහුගේ අත් ඔහුගේ සම්පත් ආපසු දෙන්නේය.


ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්