Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 5:18 - Sinhala Revised Old Version

18 මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 තුවාළ කරන්නේත් එතුමාණෝ ය; තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 තුවාළ කරන්නේත් එතුමාණෝ ය; තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 5:18
8 හුවමාරු යොමු  

එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.


ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.


තවද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය. ‍


උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.


ස්වාමීන්වහන්සේ නසන සේක, ජීවත්කරන සේක. මිනීවළට පමුණුවනසේක, එයින් නැගුටුවන සේක.


පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා.


මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත.


පිටදමනු ලැබූ තැනැත්තිය, මෑ කිසිවෙකු විසින් නොසලකන සියොන්ය කියා නුඹට කියනලද බැවින්, මම නුඹට සනීප ලබාදී, නුඹේ පහර සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්