Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 41:4 - Sinhala Revised Old Version

4 නුඹ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ නුඹ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 41:4
8 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.


ඌ නුඹට බොහෝ කන්නලව් කරනවා ඇද්ද? නොහොත් මෘදු වචන නුඹට කියනවා ඇද්ද?


පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම්කරනවාද? නොහොත් නුඹේ තරුණියන්ට ඌ බැඳ දෙනවාද?


ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය; ඔහුද සෑමකල්හිම ඔහුට වැඩකරන්නේය.


විදින කටුවක් අරගෙන ඔහුගේ කන දොරට තදකර තබා විදින්න, මෙසේ ඔහු හැම කල්හිම නුඹේ දාසයා වන්නේය. නුඹේ දාසීටත් එසේම කරන්න.


එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්